නිමල් රාජපක්ෂ-
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහන අද (08) පෙරවරුවේ ආරම්භ විය.
එහි සමාරම්භය කොළඹ මහනගර සභා පරිශ්‍රයේ දී කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් (Vraie Cally Balthazaar), කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ශ්‍රීප්‍රතාපන් (Dr. K. Sriprathapan), ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක් වූ කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් (Vraie Cally Balthazaar) මහත්මිය මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන ජාතික මට්ටමින් වැදගත් වැඩසටහනක් බව පෙන්වා දෙන ලද අතර, ඩෙංගු උවදුර පාලනය හැකි බවත්, ඊට ජනතාවගේ දායකත්වය අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි. මෙම ජාතික වැදගත්කමකින් යුත් වැඩසටහනට ත්‍රිවිධ හමුදාව, පොලීසිය රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල ලබාදෙන දායකත්වය ද ඇගයීමට ලක් කරන ලදි. කොළඹ නගරයේ පාසල් 150 ක් ඇතුළුව, රජයේ අයතන සහ සංවර්ධන කටයුතු සිදුවන වැඩබිම් කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද පෙන්වා දෙන ලදි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මෙහිදී අදහස් දක්වමින් මේ වනවිට ඩෙංගු රෝගීන් 37,000 ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් කළේය. නගර සභා සිමාව තුළ 2000 කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවත්, නගර සභා බල ප්‍රදේශයට දෛනිකව විශාල පිරිසක් පිටතින් පැමිණෙන බවත් ඔවුනට ද මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුව ඇති බැවින් මෙම තත්ත්වය ඉතා ඉක්මණින් මැඩපවත්වාගත යුතු බවද ඒ මහතා පෙන්වා දෙන ලදි. රෝගය පාලනය සඳහා අවට පරිශ්‍රයන් උපරිමයෙන් පිරිසිදුව තබාගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන් ඒ මහතා කීට සමීක්ෂණවල දී වැඩියෙන්ම මදුරුවන් බෝවන ස්ථාන සොයාගෙන තිබෙන්නේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික සිද්ධස්ථාන භූමි වලින් බව ද පැවැසීය.
අදින් ආරම්භ ව මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ලබන (10) දින දක්වා දිස්ත්‍රික්ක 14 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 ක් මුලික කර ගනිමින් පැවැත්වෙන අතර, මෙම තෙදින තුළ නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත පරිශ්‍ර, වැඩබිම්, පාසල් වෙළඳසැල්, හිමිකරුවන් නොමැති පෞද්ගලික ඉඩම් හා ගොඩනැගිලි, රජයේ ඉඩම් හා ගොඩනැගිලි, හිස් ඉඩම් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ද ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මදුරු මර්දන එ්කකය පියවර ගෙන ඇත.
මෙහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම, මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන අයට එරෙහිව රතු නිවේදන නිකුත් කිරිම, නීතිමය පියවර ගැනීම මෙන්ම අධිඅවධානම් කලාප තුළ ධූමායන කටයුතු ද සිදු කෙරෙන අතර, අදින් ආරම්භ වන මෙම මදුරු මර්දන වැඩසටහන රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු ඇතුළු සියළු වගකිව යුතු සියලු අංශ සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඊට අයත්ය.
ඩෙංගු රෝගී තත්ත්වය මෙම වසර පුරා වර්ධනයක් පෙන්නුම් කරමින් 2025 වසර සමග සංසන්දනය කිරීමේ දි අද වනවිට රෝගින් 10,000 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරයි. 2026 ජනවාරි සිට මේ වනවිට රෝගීන් 37,000 ක් පමණ වාර්තා වී ඇත. එම රෝගීන්ගෙන් 50% ක් වශයෙන් වැඩිපුරම බස්නාහිර පළාතෙන් වාර්තා වූ වී ඇති අතර, එය කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 22 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 17 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 6 ක්, නගර සභා සීමාවේ සියයට 5.1 ක් ලෙස වාර්තා වි ඇත.
දකුණු පළාතේ ගාල්ල, සබරගමුව පළාතේ රත්නපුර, මධ්‍යම පළාතේ නුවර යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩි වී ඇති අතර, මෙම අධිඅවදානම් දිස්ත්‍රික්ක වල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට ද නියමිතය
මෙම තෙදින මදුරු මර්දන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සෑම දිනකම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒ්කකයේ දී ප්‍රගති සමාලෝචනයක් සිදු කිරිමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර, ඊට අදාල වාර්තාවක් ද දෛනිකව මාධ්‍ය වෙත යොමු කිරිමට ද කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, කීට විද්‍යා නිලධාරීන් සහ ක්ෂේත්‍ර සහායකයින්, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටියහ.
