Spread the love

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගම පියගම දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් අද (27) පස්වරුවේ දුම්රියේ ගැටී පුද්ගලයින් තිදෙනකු බරපතල තුවාල ලබා බලපිටිය හා කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලු කර තිබේ.

මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතියක් සවිකොට එහි වර්ණ යොදා මෙන්ම ආරක්ෂිත සීනුවද නාද වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය විසි වී ගොස් ඇති අතර මෝටර් රථයේ සිටි පියා, පුතා සහ ඥාති කාන්තාවක් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුර සම්බන්ධව කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.