Spread the love

කොළඹ, කොටුව සිට යාපනය බලා ධාවනය වු දුම්රිය වව්නියාව, දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු අද (01) තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

අනතුරින් කුඩා ලොරි රථයේ ගමන්ගත් පියා, මව සහ වයස අවුරුදු 4ක් වයසැති ගැහැණු දරුවෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ව වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.

වව්නියාව – මන්නාරම ප්‍රධාන මාර්ගය හරහා ස්ථාපිත දුම්රිය ගේට්ටුව ක්‍රියා නොකිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය. 

ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී දුම්රියේ ගැටී අනතුර සිදුව තිබුණි.

සිද්ධිය පිලිබදව දුම වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.