නිමල් රාජපක්ෂ
අද(08) දින දුම්රිය ආරක්ෂක නීති උල්ලංඝනය කරමින් රත්මලාන සිට දෙමටගොඩ දක්වා දොඹකර රථයක් දුම්රිය නියාමකවරුන් හා තිරිංග මැදිරියක් නොමැතිව අනාරක්ෂිතව ධාවනය කරවීම හේතුවෙන් අදාල අයට විරුද්ධව හෙට(9) දිනය තුළ ක්‍රියාමාර්ග නොගන්නේ නම් හෙට (09)මධ්‍ය රාත්‍රියේ සිට දුම්රිය නියාමකවරුන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි.
මීට කලින් වනවාසල දුම්රිය පීලි පැනීමක් සිදුවු විටකදි ද දොඹකරය රැගෙන ඇවිත් තිබුනේද තිරිංග මැදිරිය නොමැතිවයි .එයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තා සේ හෙට දිනයේත් අදාල සිද්ධිය සම්බ්න්ධයෙන් දුම්රිය බල ධාරීන් ක්‍රියා මාර්ගයක් නොගත හොත් හෙට මධ්‍ය රාත්‍රිෙය් සිට දුම්රිය නියාමක වරුන් වර්ජනයක නිරත වන බව දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් රුක්මාල් බණ්ඩාර මහතා පවසයි
