Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නැති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පවසයි.

එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටීම.

කෙසේ වෙතත් එම පක්ෂයේ නායකයා එස්. ශීධරන් හා දෙමළ ජාතික සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු පිරිසක් කියා සිටියේ එළැඹෙන පහළොස්වෙනිදා මේ පිළිබඳවත් අවසන් තීරණයක් ගන්නා බවයි.

ඔවුන් වවුනියාවේදී ඊයේ දිනයේ රැස්වී මේ බව කියා සිටියේය.

දැනටමත් එම පක්ෂයේ නායක එස් ශ‍්‍රීධරන් මහතා දෙමළ පොදු අපේක්ෂකයාට සහය දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර ඇත.