Spread the love

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය කිසිදු ලෙසකින් වෙනස් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

ඒ අනුව, දැනට සිදුව ඇති දේශපාලන පසුබැසීම සජිත් ප්‍රේමදාස නිසා සිදුවූවක් නොවන බවයි ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක වී, රට බංකොලොත් වී පැනගිය පසු, මීට පෙර දේශපාලන බලය නොදැරූ කණ්ඩායමකට බලය ලබාදීමට රටේ ජනතාව තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

එම රැල්ල හේතුවෙන් එදා සමගි ජන බලවේගය පරාජයට පත්වූ බවත්, එය සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.