අපි දන්නවා මේ රටේ ආර්ථිකයට වගේ ම රටට විශාල සේවයක් කළා ඔබ ඒ වගේ අපේ ආණ්ඩුව හැමදාම ඒ වගකීම සහ එහි තියෙන වැදගත් කම පිළිබඳව අලි අවබෝධ කරගත්තා.ඒ නිසා නිරන්තරයේන් ගොවියාගේ ආර්ථිකය ශන්තිමත් කරන්න අපි කටයුතු කළා. යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.
නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පලකර සිටියේ සෙවනගල කටුපිල ආර වැව් ඉස්මත්තේ පැවැති ගමින් ගමට වැඩ සටහනේ එක් අවස්ථාවකට එක්වෙමිණි.
මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අර්බුදයකට ලක්ව පීඩනයට පත්ව සිටින සෙවනගල උක් ගොවීන්ද හමුවී සාකච්ඡා කිරීම සිදු විය.
එහිදී වැඩිදුරටත් කතාකල මන්ත්‍රීවරයා කියා සිටියේ,
එ හේන් ගොවියාගේ ඉඳන් මඩ ගොවියා දක්වාත් උක් ගොවියා දක්වාත් අපි ආරක්ෂා කළා.ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ එදා විශේෂ ආමාත්‍යවරයෙකුත් පත් කළා. ඒ කලේ විහිලුවටත් කිවිවා. සිනි ඇමති කියලා ලක්ෂ්මන් ඇමතිතුමා. අපි එක පැත්තකින් දැක්කා රටේ නිශ්පාදන ආර්ථිකය වැඩි කරගන්නම් අපේ රටේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි. අපි තවත් පැත්තකින් විදේශ විනිමය රටේ උත්පාදන කරනවා වගේම පිටරටින් ගෙන්වන දේවල් අවම කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේ ම මේ ප්‍රදේශවල ජීවත් වන මේ වෙනගල මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන ගොවියාගේ ආර්ථිකය සඳහා අපි වැඩපිළියෙලක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා අපේ ආණ්ඩුවලින් හැමදාම මේ කර්මාන්ත ශාලා ආරක්ෂා කලා. සමහර ආණ්ඩු බලයට ආට පස්සේ මේක විකුනණ එක තමයි කරන්නේ.
හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තියට අනුව මේ ආණ්ඩුයට ගොවියාට අරෙක්ෂා කරන්න පුලුවන් කියල. ඒ හින්දා ගොවියා ආරක්ෂා කරන ගමක් සීනි කර්මාන්ත ශාලා දුවන්න අපි තීන්දු ගත්තා. අපි ඒවා ආරක්ෂා කරගන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. ගොවියාට වෙලාවට මුදල් දුන්නා, ඒක නිසා ගොවියාට අත් උදව් දීපු අයට පොලිය දී ගන්න පුලුවන් වුණා. අනෙක් පැත්තන් පිටරටින් ගේන ඒවා සීමා කරා, ඒ තුළ හොඳ මිලක් දුන්නා. එකනොල් ටික පිටින් ගේන එක නවත්තලා ඒකටත් අපි බැනුම් ඇහුවා ඒ කාලේ. මොක ද ව්‍යාපාර ක්‍රමවේදය තේරෙන්නැති අය ඒකටත් දොස් කිව්වා. හැබැයි අපි දේශියත්වය රැකගන්න අවශ්‍ය වැඩපිලිවෙළ ක්‍රියාත්මක කලා. දේශිය ගොවියා ආරක්ෂා කරගන්න, ගමට ආදායම අරන් යන්න අපි දන්නවා. මේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිසා මේ නිශ්පාදන ආර්ථිකය ආතුලේ විශාල පවුල් ගානක් ජීවත් වෙනවා. ඒ අයට අද වෙනකොට විශාල අපහසුතාවයකට මුහුන දෙන්න වෙලා තියෙනවා.
ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් හිතාමතා කර්මාන්ත ශාලා විනාශ කරනවා. මේක ඔබට පමණක් නෙවෙයි හම්බන්තොට ලුණු ලේවායටත් වෙලා තියෙනවා.අද ලුණුත් පිටින් ගෙන්නන්නේ. ඉස්සර අපේ ගම්වල තිබ්බේ ලුණු පොල් කට්ටක් දැන් ඒකටත් කෙළියා. දැන් ලුණුත් පිටින් ගෙන්නේ ඇහුවාම කියනවා වහින හින්දා ලුණු මිදෙන්නේ නැහැලු. ලංකාවට වැස්සේ නැත්තේ කවද්ද මොකො නියඟ කාලෙට විතර ද ලුණු මුදවන්නේ. පසුගිය කාලේම වැස්සා හැබැයි මේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි ලුණු මිදෙන්නේ නැතිවෙන්න වැහැලා තියෙන්නේ,
මේ බොරුව තමන්ගේ අවශ්‍ය ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ට ලාභ ලාබන්න ඕනේ හින්දා තමන් ආශ්‍රය කළ තමන් විශ්වාස කළ පිරිසකට යම් වරප්‍රසාදයක් ලබා දෙන්න ඕනි නිසා මේ ආයතන හිතාමතා කඩාකප්පල් කරනවා. හිතාමතා වට්ටනවා .
හැබැයි විපක්ෂයට බනිනවා. එක්කො ගල ගෙනත් දාලා තියෙන්නේ විපක්ෂයලු. ඉස්සර වරායේ ගලක් ගැන කිව්වා. දැන් සීනි කර්මාන්ත ශාලාවේ ගලක් ගැන කියනවා. මම දැක්කා ඇමතිවරයෙක් කියනවා අලින්ට වෙඩි තියන්නේ විපක්ෂයලු. ඒවා කුමන්ත්‍රනලු. දැන් ඉතින් ආණ්ඩුව එයාලාගෙනේ. මේ අය අල්ලන්න පුලුවන්නේ.
පාර්ලිමේනතුවේ පොලිසිය භාර ඇමති කෙනෙක් ඉන්නවා. අර අපිට ජාතික ආරක්ෂා ගැන බංකුවේ වාඩිකරලා ලෙච්චර් දෙන්න ආපු මහත්තයා ඉන්නවා. දැන් සංවිධානාත්මක අපරාධ නවත්වන්නත් බෑ. සත්තු බේරගන්නත් බැ.ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට මිනිස්සුන්ගේ පිට ඒක පටවනවා.
ඔබට මතක ආති කෘෂිකර්ම ඇමතිවරයා ඉතිහාසයේ කවදාවත් ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයෙක් කියන්නේ නැති කතාවක් කියනවා.”අපි වවන්න ඕනි නෑ”ඒ ප්‍රතිපත්තිය අපේ නෑ. මේ ආන්ඩුවේ රටේ වවන්න පුලුවන් හැම බෝගයක්ම වවන් ඕන, ස්වයංපෝෂිත වෙන්න ඔනි කියලා න්‍යායක් නෑ. අපි වවලා අපි කනවා කියලා න්‍යායක් නෑ කිවිවා.
