Skip to content
නිමල් රාජපක්ෂ
බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ අංක 07 පාඨමාලාවේ (Explosive Ordnance Disposal Qualifying Course) නිල ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රදානය, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් කුසල දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේදී සිදුකෙරිණි.
2026 ජනවාරි මස 26 සිට අගෝස්තු මස 02 දක්වා මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පැවති බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 07 සාර්ථකව නිමකළ නාවික පුද්ගලයින් විසිතුන් දෙනෙකු (23) වෙත නිල ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රදානය මෙලෙස ආඥාපති නාවික පාබල විසින් සිදු කෙරිණි. එහිදී, පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියා ලෙස ලුතිනන් (නාවික පාබල) තිලිණ පීරිස් විසින්ද, දක්‍ෂතම නාවිකයා ලෙස නායක නැවි (මැරීන්) අයිජීඑස්එස් ඥාණරත්න විසින් සහ දක්‍ෂතම කෘත්‍රීම බෝම්බ නිර්මාණකරු ලෙස බල නැවි (නාවික පාබල) එච්සීඅයි ප්‍රනාන්දු විසින් සම්මාන හිමිකර ගන්නා ලදී.
තවද, මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු තුෂාර ප්‍රනාන්දු, අණදෙන නිලධාරි පලමු මැරීන් බළඇණිය කොමාණ්ඩර් සුචරිත වීරතුංග හා වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 2000 3