පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක අද (20) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇත.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකයේ රථ 02ක් වහාම එම ස්ථානයට පිටත් කර යැවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේය.
ගින්න සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොතිබිණ .
