නිමල් රාජපක්ෂ
මේ රටේ දැන් නීතිය සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මකයි. ඒ ඒ දේවල් කෙරු අය යම් බියවීමක් තියෙනවා. ඔබලා මවන බිල්ලන් ඔබලා පසුපසම එනවා. අපි නීතියේ විධානයේ ආධිපත්‍යය ස්ථාපනය කරන බවට පොරොන්දු වු ආණ්ඩුවක්. එතනින් පරිබාහිරව අපි කටයුතු කරන්නේ නැහැ – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
හදිසි නීතීය මර්දනකාරී දේ සඳහා භාවිතා කළ ඉතිහාසයක් මේ රටේ පැවති බවත්, වත්මන් රජය හදිසි නීතිය භාවිතා කළේ ජනතාවට සහන ලබා දීමට බවත්, වත්මන් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට අත පොවනවා යැයි ප්‍රකාශ කරන අයට නඩුකාරතුමන්ලාගේ ගෙවල්වලට ගල් ගැසු දේශපාලනය , අග්‍රවිනිශ්චයකාරවරුන් ගෙදර යවා කිරිබත් කෑවා අමතකව ඇති බවත්, මේ රටේ දැන් නීතිය සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මක බවත්, ඒ ඒ දේවල් කෙරු අය යම් බියවීමක් තිබෙන අතර, ඔබලා මවන බිල්ලන් ඔබලා පසුපසම එ අපි නීතියේ විධානයේ ආධිපත්‍යය ස්ථාපනය කරන බවට පොරොන්දු වු ආණ්ඩුවක්. එතනින් පරිබාහිරව අපි කටයුතු කරන්නේ නැහැ කොතරම් අවලාද නැගුවත් අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නඟමින් ඉදිරියට යන බවත් අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේය.
හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට අද (07) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යතුමා මෙම අදහස් පළ කරන ලදි.
