Spread the love

ශ්‍රී ලංකාවේ යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ නීති ආධාර සැපයීම සඳහා ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, සමඟ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් සංවිධානය රන ලද නීති ආධාර පිළිබඳව සංවාදයක් අද පෙරවරුවේ (20) කොළඹ මැරියට් හෝටලයේදි ආරම්භ වූ අතර, එය 2026 පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරන ලද ‘යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE)’ යුරෝපා සංගමය විසින් මුල්‍ය පහසුකම් සපයනු ලබන මෙම සංවාදය අධිකරණ ක්ෂේත්‍රය පුරා පරාවර්තනය, නවෝත්පාදනය සහ සහයෝගීතාවය සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරයි.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණය, විශ්ව විද්‍යාල, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ඇතුළු විවිධ ජාතික පාර්ශ්වකරුවන් සහභාගි වෙයි.

මෙම වැඩසටහන මඟින් නිතී ආධාර පිළිබඳ සාකච්ඡා සහ විශේෂඥ අදහස් බෙදා ගනිමින් සහභාගිවන්නන් අතර නීති ආධාර සම්බන්ධයෙන් සහ අයිතිවාසිකම් මත පදනම් වූ රාජ්‍ය සේවාවක් බවට පරිවර්තනය කළ හැකි ආකාරය ගවේෂණය කරනු ඇත. විශේෂයෙන් වඩාත් අවදානමට ලක් වු ප්‍රජාවන් වෙනුවෙන් නීති ආධාර ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට මෙම සංවාදයේ අරමුණකි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, ශ්‍රි ලංකා නීති ආධාර කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත, අසූසා කුබෝටා මහත්මිය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මෙරට කාර්යාලයේ ළමා ආරක්ෂණ ප්‍රධානී Teona Aslanishvili, ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සමථ මණ්ඩල කොමිෂන් සභාව, වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය, ළමා ආරක්ෂණ අධිකාරිය, ඌව ශක්ති පදනම, අන්තර්ජාතික සම්පත්දායකයින් ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිකයින් ඇතුළුපෙළේ නියෝජිතයින් සහභාගී වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත දේශනය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන මෙනවිය විසින් පවත්වන්නට යෙදුණි