Spread the love

දේවින්ද පිණිදිය

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේ පසුගියදා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොල කිලෝග්‍රෑම් තුන්සිය හැටක (360) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර නවයක් (09) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා තිබූ, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැක කෙරෙණ බීඩි කොල කිලෝග්‍රෑම් තුන්සිය හැටක (360) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.