කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400 ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ 24 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සකකරු අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
