මුල්කිරිගල ගුනරත්න
වීරවිල එළිමහන් සිර කදවුරේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියෙකු (15) අලුයම 4.30 ට පමණ බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
සිර කදවුර තුළ වී වගා කර තිබූ කුඹුරක හානි කිරීමට පැමිණෙන වන සතුන් පලවා හැරීමට රැදවියා යොදා සිටියදී මෙලෙස පලාගොස් ඇතැයි පොලිසිය කියයි . පලාගිය රැදවියා 34 වන වියේ පසුවන එප්පාවල ,යෝධ ඇල ගම අංක 19 ලිපිනයේ පදිංචි කරුවෙකි
ඔහු ලිංගික අතවරයක් සිදුකිරීමේ චෝදනාවකට මෙයට වසර දෙකකට පමණ පෙර අනුරාධපුර මහාධිකරණයෙන් සිර දඩුවම් නියමවූ අයෙකු බව පොලිසිය පවසයි . පලාගිය රැදවියා අත් අඩංගුවට ගැනිමට වීරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
