රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ මෙලෙස අදහස් දැක්වීය.
“කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් පරිවර්තක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර තුනක් නොවෙනස්ව පවතිනවා. කුමන රජයක් පැවතුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත මතය ක්‍රියාත්මක විය යුතුයි. අයවැය වෙනුවෙන් මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය මෙය නිවැරදිව ප්‍රචාරය කර නැහැ.
කැබිනට් මණ්ඩලයේදී ජීවන වියදම් පිළිබඳ සිදුකළ ප්‍රකාශය වැරදි ආකාරයට සමාජගත වනවා නම් එය නිවැරදි කරන්නට කැබිනට් ප්‍රකාශක වශයෙන් මට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා.
කැබිනට් පත්‍රිකා රහස්‍යයයි. ඒවා එළියට ගෙනයන්නේ නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ට ඒවායේ පිටපත් යොමු කරනවා. කැබිනට් ප්‍රකාශක වශයෙන් මා කටයුතු කරනවා. එම කටයුතුවලදී මාධ්‍යවේදීන්ද වගකීමකින් යුතුව කටයුතු කළා.මා විසින් සිදුකරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ප්‍රකාශ වනවා. ඒවා මාධ්‍ය ආයතන වලටද යොමු කරනු ලබනවා. ඒවා ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශ නොවෙයි. මා විසින් ප්‍රකාශ කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණයි.
