Spread the love

අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දුනි.ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය.එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ද අද උදෑසන නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.