Spread the love

ලොව පුරා කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබෙනවා.

ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුණු ජනතාව පාස්කු ඉරිදා දිනය භක්තියෙන් සමරන බවයි වාර්තා වන්නේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් මුදවා ගැනීම සඳහා කුරුස ගස මත සිය ජීවිතය පූජා කර, දින තුනකට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා. ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් විවිධ වත්පිළිවෙත් සිදු කරමින් ගත කළ දින 40ක චතාරික කාලසීමාව ද අදින් අවසන් වනවා.

ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවර කල්වාරි කන්දේදී කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළ උන්වහන්සේ, අද වැනි දිනක උත්ථානය වී සිය අනුගාමිකයන්ට දර්ශනය වූ බවයි බයිබලයේ සඳහන් වන්නේ.