Spread the love

 උඩප්පුව පෙරියකොළණියේ පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ (01) අලුයම් කාලයේ සිදුවී ඇතැයි උඩප්පුව පොලිසිය පවසයි

එලෙස මියගොස් ඇත්තේ, ආඩිමුනේ, උඩප්පුව  ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.

පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

මෘත ශරීරය පරික්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවට දැනුම් දී ඇත. 

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව විමර්ශනයේදී ආනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

මරණකරුගේ පුතා මන්ද මානසික තැනැත්තෙකු බවත්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට පියා එදින යාමට නොපැමිණිම හේතුවෙන් අමනාප වී මෙලෙස පිහියෙන් ඇන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකළ සැකකරු වන වයස අවුරුදු 20 ක් වන මන්ද මානසික පුතා අත්අඩංගුවට ගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.