ජනාධිපති අපේක්ෂකයන් ප්රවර්ධනය වන පරිදි ස්ටිකර් සහිතව ධාවනය වූ ත්රීරෝද රථ කිහිපයක ස්ටිකර් ඉවත් කල බව පොලිසිය පවසයි.
කොල්ලුපිටිය ,බම්බලපිටිය ඇතුළු ප්රදේශ ආශ්රිතව ක්රියාත්මක කල මෙහෙයුමකදී අදාළ ත්රීරෝද රථ හඳුනා ගෙන තිබේ.
අපේක්ෂක ප්රවර්ධන ස්ටිකර් සහිත පෞද්ගලික බස්රථ ,ත්රීරෝද රථ සහ සෙසු පෞද්ගලික වාහන සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතිබව පොලිසිය පවසයි.
හැකි සෑම අවස්ථාවකදීම මාර්ග බාධක යොදා එවැනි වාහන හඳුනා ගැනීමට කටයුතු කරන බව පොලිසිය සදහන් කරයි.
