බුදුදහම ලංකාද්වීපයට දායාද කරමින්, අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී ඇත.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්දසාල යන ස්වාමීන් වහන්සේලා ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක යන ධර්ම දූත පිරිස, සදහම් පණිවුඩය රැගෙන අද වැනි දිනෙක ලක්දිවට පැමිණි බවයි ශාසන ඉතිහාසයේ සදහන් වන්නේ .
දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේ ද අද වැනි පොසොන් පොහොය දිනකයි
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ සිටිමින්, ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදුවීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අතර, තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදු ව ඇත්තේ අද වැනි පොහොය දිනක බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
