Spread the love

නිමල් රාජපක්ෂ –

පුත්තලම් මාර්ගයේ අද (15)පෙරවරුවේ කාර්යාල දුම්රිය දෙකක ප්‍රවේශපත්‍ර පරික්ෂාවට ලක් කිරීමෙන් රුපියල් එක්ලක්ෂ දහදාස් තුන්සියයක දඩ මුදලක් රජයට ලබා දීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.

මෙහිදි පුත්තලම් සිට කොළඹ කොටුව බලා ධාවනය වු බංගදෙණිය හා හලාවත දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු මුතුකුමාරි කාර්යාල දුම්රිය දෙකෙහි කදාන දුම්රිය ස්ථානයේ සිට සිදු කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කල මගීන් 50 දෙදෙනකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

දෙවන පංතියේ වාර ප්‍රවේශපත්‍ර හා ප්‍රවේශපත්‍ර ලබාගෙන ගමන් ගන්නා මගීන්ගෙන් ලද පැමිණිලි වලට අනුව මෙම කාර්යාල දුම්රියයන්දෙකම දුම්රිය ආරක්ෂක නිලධාරීන් කණ්ඩායම් දෙකකට බෙදි කදාන දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවේශපත්‍ර පරිකෂාව සිදු කොට තිබේ.

මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී බංගදෙණිය දුම්රියෙන් මගීන් 14 දෙනෙකුගෙන් හා මුතුකුමාරි දුම්රියෙන් මගීන් 20 දෙනෙගෙන්( 34 ) ඒ මොහොතේම රුපියල් එක්ලක්ෂ දහදාස් තුන්සියයක දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී ඇත.
මෙසේ අත්අඅඩංගුවට ගත් මගින් අතර කාර්යාල බලා ගමන් ගන්නා කාන්තාවන් වැඩි පිරිසක් කොටු කර ගැනීමට නිලධාරින් සමත්වී ඇත.දඩ මුදල් ගෙවීමට නොහැකි මගීන් පසුව දඩ අයකර ගැනීමට එකගව ඇපකර තබා ගොස් තිබේ.
මෙම පරික්ෂාවේදි පාසල් දරුවන් , සම්මුඛ පරික්ෂණ වලට යන අය හා රෝහල් වල වෛද්‍ය පරික්ෂණ සදහා ගමන් කිරීමට පැමිණි අයට අවවාද කොට නිදහස් කරීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් , කොටුව , මරදාන , මුලස්ථානය ,මාලිගාවත්ත යන සේවා ස්ථානවල දුම්රිය ආරක්ෂක නිලධාරීන්, නිලධාරීණියන් 25 දෙනෙකුගෙන්යුතු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.