නිමල් රාජපක්ෂ
ඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට (20) දින සිට කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9 .00ට සහ ප.ව 3.00 ට දුම්රියන් දෙකක් අඹේවෙල දක්වාත් අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට සහ පස්වරු 3.00ට දුම්රියන් දෙකක් බදුල්ල දක්වාත් ධාවනය කිරීමට නියමිතයි.
එමෙන්ම දුම්රියන් වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක්, දෙවන සහ තෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරියක් සහිතව ධාවනය වේ.

මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – ත්රිකුණාමලය අතර දුම්රිය ධාවනය හෙට දින සිට පහත පරිදි සිදුකිරීමට නියමිතය.
මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – ත්රිකුණාමලය අතර දුම්රිය ධාවනය හෙට දින සිට පහත පරිදි සිදුකිරීමට නියමිතය.

මෙහිදී වායු සමනය කළ පළමු පංතියේ වෙන්කල ආසන මැදිරි දෙකක් සහ දෙවන පංතියේ වෙන්කල ආසන මැදිරි දෙකක් සහිතව ධාවනය කෙරේ.
