Spread the love

නිමල් රාජපක්ෂ –

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පැය තුනක කාලයක් සිදු කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැති දුම්රිය ස්ථානයෙන් බැසයන මගින් 45 දෙනෙකු පෙරේදා (04)දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.


ප්‍රවේශපත්‍ර පරික්ෂාව පෙරවරු 6.00 සිට 9.00 දක්වා කාලයතුළ සිදු කර තිබිණ. මෙහිදි අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් වැඩි පිරිසක් සිටි බවත්, බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනිමෙන් පසු ඊ.ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබියදි එය පරික්ෂාකර බලා දඩ මුදල් නියම කල බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පැවසුවේය.


මෙහිදි මගීන් 37 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් එක්ලක්ෂ නමදාස් නමසිය විස්සක දඩ මුදලක් අයකර ගත් බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි පාලිත පුෂ්පකුමාර මහතා පැවසුවේය.


මේ වනවිට මගිීන් වැඩි පිරිසක් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කොට අසුවු විට ඊ.ප්‍රවේශපත්‍ර ඹන්ලයින් ක්‍රමවේදයට අනුව ලබා ගැනීමට පුරුදු වී ඇති බවත්, එවැනි මගින් විශාල පිරිසකට ඒ මොහාතේම පරික්ෂාකර බලා දඩ නියම කිරීමට පියවර ගත් බවද කිවේය.


දිගින් දිගටම ප්‍රවේශපත්‍ර පරික්ෂාවන් සිදු කරන බවත් , දඩ නොගෙවන , කලහකාරී හැසිරෙන් මගීන් සිටියහොත් ,රාජකාරියට බාධා කල හොත් තරා තිරම නොබලා නිතිය දැඩිව ක්‍රියාත්මක කර න බවත් දුම්රිය ආරක්ෂ නිලධාරීන් පැවසුවේය.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය ආරක්ෂක අධිකාරී ජී.බම්ලිව් . සුමිත් , මුලස්ථාන පරික්ෂක සුසිල් ප්‍රේමලාල් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අවට සේවා ස්ථානවල නිලධාරින් හා නිලධාරිණියක්ගේ සහයෝගය ඇතිව මෙම වැටලිම සිදු කළහ.