Spread the love


නිමල් රාජපක්ෂ
බම්බලපිිටිය දුම්රිය ස්ථානයේ ඊයේ (29) පෙරවරුවේ පැය තුනක කාලයක් තුළ සිදු කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවක දි කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැති මගීීන් 40 දෙනෙකු අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් මගින් අතර කාන්තාවන් විසි තුන් දෙනකු සිටි බවත් මේ දිනවල සිදුකල ප්‍රවේශපත්‍ර පරික්ෂාවන්හිදී කාන්තාවන් බොහෝ සේ දුම්රියේ හොරට ගමන් කරන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරින් පැවසුවේය.
මෙහිදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් බම්බලපිටිය දුමරිය ස්ථානයේ සිටිනු දැක මගීන් හය දෙනෙකු මෙලෝ සිහියක් නොමැතිව දුම්රිය නතර කිරීමට පෙර දුම්රියෙන් පැන හිස් ලු ලු ඇත දිවු බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේය.
ඊයේ පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය තුනක කාලයක් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දුමරියෙන් බැස යන මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට ඇත.
මෙහිදි අත්අඩංගුවට ගත් මගීන් ගෙන් 30 දෙනෙකුගේ ඒ මොහොතේම රුපියල් 91200/දඩ මුදලක් අයකර ගැනිමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට මුදල් නොමැති බැවින් ඇපකර තබා ගොස් තිබිණ
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, දුම්රිය මුලස්ථාන පරීක්ෂක සුසිල් ප්‍රේමලාල් මහතාගේ අධීක්ෂණයෙන් කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි පාලිත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අවට සේවාස්ථාවල නිලධාරීන් ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.