Spread the love

කතරගම සිට ආරයම්පති තෙක් ගමන්ගත් බස් රථයක් වන්දනාකරුවන් බස්සවා අද උදෑසන ආපසු පැමිණෙමින් තිබියදී කිරාන්කුලම් මාර්ගයෙන් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුරකට පත්වී තිබේ.

ඒ අනුව කතරගම වන්දනා ගමන අවසන් කළ වන්දනාකරුවන් ආරයම්පති හි බස්සවා ආපසු කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තේත්තාතීවු දෙසට යමින් තිබියදී බසය කිරාන්කුලම්හි සරස්වතී විද්‍යාලය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගසක ගැටීමෙන් මෙම බරපතළ අනතුර සිදුව තිබෙනවා.

එමෙන්ම අනතුර වන අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ සහයකයන් දෙදෙනෙක් එහි සිට ඇත. ඒ අනුව තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

එසේම අනතුරින් තුවාල ලැබූ පිරිස පාණ්ඩිරුප්පු හි කළුතාවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

මේ අතර අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර මාර්ගයට ගසක් ද කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කාත්තාන්කුඩි රථවාහන පොලිසිය සිදු කරයි.