නිමල් රාජපක්ෂ
වෙන්නප්පුව, වෙල්ලමන්කර, වෙරළ ප්රදේශයේ ඊයේ (14)සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහකර අතහැර දමා තිබූ උර තිස්තුනක (33) ක අසුරන ලද බීඩි කොළ කිලෝ ග්රෑම් 1531 ග්රෑම් 100ක තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කරයි.
මෙම බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදිමට නියමිතව ඇත.
