ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත අද (07) අළුයම් කාලයේ වැටලීමක් සිදු කර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමග සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 42ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් වෙයි.
සිද්ධිය පිළිබද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.
