මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතින මද වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පැවතිය හැකි බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 11වන දින අළුයම් කාලයේ සිට මෙම ප්‍රදේශයන්ට විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ග පද්දති ලිස්සන සුලු තත්වයන්ට මෙන්ම මීදුම් පවතින කාලවලදි මාර්ග නොපෙනි යන තත්වයන් පවතින බවත්ය.
මෙම තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පැවතිය හැකි බැවින් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවන ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
