Spread the love

නිමල් රාජපක්ෂ


බුලත්කොහුපිටිය තුම්බාගේ බෝදාවල ප්‍රදේශයේ රක්ෂිතයක් දඩයක් කරුවකු ඇටවු උගුලකට ( මන්දකට ) හසුවු හොදින් වැඩුණු කොටියකු හසුවි සිටින බවට ලද තොරතුරකට අනුව ඊයේ (17) පෙරවරුවේ අඩවි වන නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගැනීමට පියවර ගත් බව බුලත්කොහුපිටිය අඩවි සහකාර උදය කරුණානායක මහතා පවසයි


මෙම කොටියා මන්ද කට හසුවී තිබෙන බවට ඊයේ (17) පෙරවරු 7-15 පමණ බුලත්කොහුපිටිය වනජීවි බීට්ටු කාර්යාලයට තොරතුරක් ලැබී තිබේ. .ඒ අනුව වහාම ක්‍රියාත්මක වු බුලත්කොහුපිටිය අඩවි වන නිලධාරීන් බෙල්ල්විල අත්තිඩිය පශුවෛද්‍ය නිලධාරීන් හා රන්දෙනිගල පශ්‍ර වෛද්‍ය නිලධාරීන්ගේද සහාව ඇතිව තේවතු මැදින් ගොස් ඝන වනාන්තරයේ පීරා දැඩි පරිශ්‍රමයක් යොදා ගොස් මන්දකට හසුවි සිටි කොටියා සොයා ගෙන ඇත.


කොටියාගේ පසුව ප්‍රදේශයට මන්දට හිරිවී තුවාල වී සිටියදී අදාල නිලධාරින් පැය දෙකක් වැනි කාලයක් තුළ දැඩි වෙහෙසක් දරා අදාල කොටියා බේරා ගැනීමට සමත්වී තිබේ. මෙම නිලධාරීන් රැගෙන ආ කුඩුවට කොටියා පටවා ඉතා අමාරුවෙන් කැලයෙන් එළියට ගෙන ගොස් තිබේ.
හොද පුෂ්ටිමත් තත්ත්වයේ සිටි අවුරුදු හතර හමාරක් පමණ වයසැති කොටියාගේ පපු ප්‍රදේශය තුවාල වී ඇති අතර ඒ සදහා ප්‍රතිකාර සිදුකර හොද සෞඛ්‍ය තත්ත්වයෙන් මේ වනවිට රන්දෙනිගල පශුවෛද්‍ය කාර්යාලයේ කොටියා සිටින බවද උදය කරුණානායක මහතා පැවසුවේය.
මෙම කොටියා බේරා ගැනීමට සදහා අදාල ප්‍රදේශවාසින්ගේ සහාය අඩවි වන නලධාරීන්ට ලැබී තිබින,


වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස් .එල්.ආර්.පී මාරසිංහ , බස්නාහිර පලාත් සහකාර අධ්‍යක්ෂිකා ගේ ද උපදෙස් මත. බුලත්කොහුපිටිය අඩවි සහකාර වරුන්වන උදය කරුණානායක,සුජිත් විදුරංග ,අඩවි සහකාර උදය කරුණානායක යන නිලධාරීහු බෙල්ල්විල අත්තිඩිය පසුවෛද්‍ය කාර්යාලයේ හා රන්දෙනිගල පශුවෛද්‍ය නිලධාරීන් ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.