Spread the love

බදුල්ල ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑමේ අවදානම පාලනය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසීය.

ඒ අනුව එම ප්‍රදේශය ස්ථාවර කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව පැවසීය.

ඉදිරි දින කිහිපයේ තද වැසි ඇතිවීමේ අවධානමක් පවතින බැවින් හැකිතාක් මෙම මාර්ගය භාවිතා කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.