Spread the love

ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ ජි.එල් කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බැගයක දමා තිබි හමු වු බිළිදියගේ මව සහ ත්‍රිරෝද රථයේ රියදුරා (10) දින ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවත්, ත්‍රිරෝද රථයේ රියදුරා (28) සමග අනියම් සම්බන්ධතාවයක් තිබි ඇති බවත්, ත්‍රිරෝද රථ රියදුරා විවාහක අයෙකු බවත්, ඔහු එක්දරු පියෙකු බවයි ආගරපතන පොලිසිය සිදු කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසට යාබදවම සැකකාර මව පදිංචි බවත්, ඇය මාවනැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදි සැකකාර ත්‍රිරෝද රථ රියදුරා ඔහුගේ සහෝදරයෙකුට අයත් ත්‍රිරෝද රථයකින් (09) දින මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකාර මව ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායට රැගෙන පැමිණ ඇති බවයි පොලිසිය කියා සිටියේ.

දින කිහිපයකට ප්‍රථම බිළින්දිය ප්‍රසුත කර ඇති බවත්, බිළින්දියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබු නිසා එය ඝානයක්ද යන්න පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අනාවරණය වන බවයි ආගරපතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

ගාල් කර තිබු ත්‍රිරෝද රථයෙන් දැඩි දුගන්ධයක් හැමිම නිසා සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ මව විසින් පරික්ෂා කල අවස්තාවේ ත්‍රිරෝද රථයේ පිටුපස පොලිතින් බැගයක් තුල දමා තිබු බිළින්දියගේ සිරුර හමු වි ඇති බවත්, පසුව ඒ පිලිබදව අසල්වාසින්ට දැනුම් දිමෙන් පසු අසල්වාසින් විසින් ආගරපතන පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දි ඇත.

ත්‍රිරෝද රථයේ තිබි හමු වු බිළින්දියගේ මල සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් විජේවික්‍රම මහතා විසින් පැවැත් වු අතර, බිළින්දියගේ මල සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට ආගරපතන පොලිසියට නියෝග කෙරිණ.

සිරුර සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.