Spread the love

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ට නීතිය හමුවේ ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන බවත් සහනාධාර මතම යැපෙන සමාජයක් වෙනුවට රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්වශක්තියෙන් නැගී සිටිය හැකි සමාජයක් නිර්මාණය කිරිමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුර කුමාර දිසානායකත් ලැජ්ජයි. මහ ලොකුවට සමාජ වාදය ගැන කතාකරකර රනිල් වික්‍රමසිංහත් එක්ක මේ දේශපාලන ඩීල් එක ගහන්නේ. රට ගොඩගන්න නොවෙයි. ඒගොල්ලන්ට ගොඩ එන්න. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන් ම්ලේච්චයන් මහමොළකරුවන් අපි අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන එනවා පමණක් නොවෙයි ඒ මහමොළකරුවන්ට නීතිය යටතේ ලබාදිය යුතු ලොකුම දඬුවම ලබාදෙන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කර බවත් මාවතගම පැවැති ජනහමුවකදි පැවසුවේය.