නිමල් රාජපක්ෂ –
ජාඇල ඒකල හා මීගමුව දළුව කොටුව යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්කදි ඇලපාරවල් ඇතුලු වල ලැහැබක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 3ක් වටලා ම්ත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 3 ක් ඊයේ දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 33500 ක්, ගෝඩා ලීටර් 7000 ක් , බැරල් 30 ක්, ඇතුලු උපකරණ තොගයක් තිබු බව සුරාබදු නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදි මීගමුව, වත්තල, සහ මිනුවන්ගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මසහ දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහත්වරුන්ගේ අධීක්ෂණ යටත් දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක මහතා ගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක සරත් ජයවීර , සුරාබදු මහ සැරයන් අනුර කුමාර, ලොකු පිටිය, සුරාබදු නියාමක 694,1191,1197 සුරාබදු රියදුරු පුබුදු යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
