Spread the love

වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20 පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය.