ඊයේ (22) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 52 හැවිරිදි මාලගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දෙහිවල සොල් බීච් හෝටලයේ හිමිකරු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
