මුළු රටේම බලය දකුණේ නායකයෙකුට ලබාදීම හරහා ලොවටම වැදගත් පණිවිඩයක් ලබාදී ඇතිබව නීතිඥ ආචාර්ය ප්‍රතිබා මහානාම හේවා මහතා පැවසීය.
ඒ අනුව වතුකරයේ මෙන්ම උතුරේ ද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පත්ව තිබේ.
ලබන බ්‍රහස්පතින්දා (21) ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට ගැලපෙන පරිදි විදේශ ප්‍රතිපත්තිය හා රටේ මූල්‍ය ස්ථාවරය ඇතිකර ගැනීමට හැකි බව පැවසීය.
මේ වනවිට රට තුළම පුළුල් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වී තිබේ.
දේශපාලන ඉතිහාසයේ දෙමළ ජනතාව ද දකුණේ නායකයෙකුට සහය පලකර තිබේ.
දෙමළ ඩයස්පෝරාවට උතුරේ දෙමළ ජනතාව යටවී නොමැත.
මීට පෙර උතුරු පළාතේ දෙමළ ඩයස්පෝරාවේ ආදිපත්‍ය ක්‍රියාත්මක විය.
එය මේ වනවිට සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.
උතුර ,දකුණ,බස්නාහිර සහ නැගෙනහිර එකම නායකයෙකු යටතේ පාලනය වෙයි.
ඒ අනුව රටතුල ඉදිරි අවුරුදු 05 තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ඇතිබව පැවසීය.
නිසි දැක්මක් යටතේ කටයුතු කර ආර්ථික හා ශක්තිමත් මූල්‍ය පසුබිමක් ඇති කිරීමට හැකි වනු ඇතිබව පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද ශ්‍රී ලංකාවෙන් පණිවිඩයක් ලබාදී ඇතිබව එහිදී පැවසීය.
පසුගිය වසර කිහිපයේ එම කවුන්සිලය එල්ලක චෝදනා සඳහා නිසි පණිවිඩය ලබාදී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
