Spread the love

මැදිරිගිරිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා කාන්තා පොලිස් නිලධාරිනියකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුර විමර්ශන සඳහා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.