නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශයේ 2026 ජුලි 09 වැනි දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් ගණනින් හැටදහස් හාරසිය හතලිස් අටකට (60,448) අධික තොගයක් සමඟ සැකකරුවන් විසි හය දෙනෙකු දෙනෙකු (26), ඩිංගි යාත්‍රා දොලහක් (12) සමඟ නීතිය හමුවට පමුණුවීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි දියත් කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුර සැකකටයුතු ඩිංගි යාත්‍රා කිහිපයක් පරීක්ෂාවට ලක් කෙරිණි.
එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් විශාල තොගය නාවික හමුදාව විසින් සොයාගෙන නීතියේ භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 26 දෙනා වයස අවුරුදු 21ත් 64ත් අතර මන්නාරම හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. ඔවුන්, අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා දොලහක් (12) සමඟ වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.
Th
