Spread the love

නිමල් රාජපක්ෂ
සාගරිකා දුම්රිය අද උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇන හිට තිබුණද දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ගේ දැඩි කැපවිම මත අද පස්වරු 06.45 වනවිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගයේ දුම්රිය ධාවනය ලබාදීමට කටයුතු කලබව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි.
එනමි අද (24) පස්වරු 7.00 සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදු කෙරෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසුවේය.