.
ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙලත් මෙම වසරේ ආරම්භ කෙරේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට දක්ෂ හා කැපවීමෙන් යුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙරට සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) ක්ෂේත්රයන්හි වෘත්තිකයන් 952 කට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අද (19) පියවර ගන්නා ලදි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී එම ඩිප්ලෝමා ප්රදානය සිදු කෙරිණි.
මෙම ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ප්‍රධාන සැසි වාර දෙකකින් සමන්විත වු අතර, පළමු සැසියේ දී මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) සඳහා ඩිප්ලෝමා පිරිනැමීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් සිදු කෙරිණි. ඒ අනුව, මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449 ක්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77 ක් ලෙස වෘත්තිකයින් 526 කට ඩිප්ලෝමා ප්රදානය කෙරිණි.
දෙවන සැසිවාරයේ දී පාසල් දන්ත චිකිත්සක සේවා (School Dental Services – SDT), ඖෂධවේදී (Pharmacy) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector – PHI) යන ක්ෂේත්රයන්හි වෘත්තිකයන් සඳහා උසස් ඩිප්ලෝමා (Higher Diploma) පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණ අතර, ඒ අනුව, පාසල් දන්ත චිකිත්සක සේවා වෘත්තිකයින් (SDT) 39 ක්, ඖෂධවේදී (Pharmacy) 149 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) 238 ක් වශයෙන් වෘත්තිකයින් 426 කට උසස් ඩිප්ලෝමාලා පිරිනැමීම සිදුවිය.
ඩිප්ලෝමා ප්රදානය කිරීමෙන් අනතුරුව උපාධිධාරීන් අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ අභියෝගාත්මක ඉදිරි ගමනේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දක්ෂ හා කැපවූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය සෞඛ්‍ය සේවාව සඳහා අත්‍යාවශ්‍ය බව ද පැවැසීය.
මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්තිය ඉදිරියට ගෙන යාම මෙම නව වෘත්තිකයන්ගේ වගකීමක් බව ද වෘත්තීය දියුණුව රටේ අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට විශාල ශක්තියක් වනු ඇති බව ද අවධාරණය කරන ලදි.
ඩිප්ලෝමාධාරී වෘත්තිකයන්ගේ සේවාව ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා එම සියළු වෘත්තිකයින් ජාතික සෞඛ්‍ය පද්ධතියේ “පෙරගමන්කරුවන්” ලෙස කටයුතු කරන බව ද පෙන්වා දෙන ලදී.
ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තීය වගකීම පැහැදිලි කළ අමාත්‍යවරයා ඩිප්ලෝමාධාරීන් හුදෙක් සුදුසුකමක් පමණක් නොව, ජාතික වගකීමක් භාරගන්නා බවත්, එම වෘත්තිකයින් යහපත් විනයෙන්, නිහතමානීකමින් සහ කැපවීමෙන් යුතුව මහජනතාවට සේවය කළ යුතු බව ද ගොඩනැගිලි හෝ පද්ධතිවලට පමණක් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යා නොහැකි බවද අවධාරණය කරන ලදී.
රජය විසින් සෞඛ්‍ය සේවාව නවීකරණය කරමින්, ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදෙමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සෑම පුරවැසියෙකුටම සමීප කරවීම සඳහා විශේෂ ආයෝජනයක් සිදු කරන බවත්, සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කිරීමේ සැළසුම්ස හගත වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීම, වෘත්තිකයින්ට ක්ෂේත්රයේ අඛණ්ඩ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම, දේශීය හා විදේශීය අත්දැකීම් හුවමාරු කරගැනීමට අවශ්‍ය පුහුණුව ලබාදීම අඛණ්ඩව සිදුකරන බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
