Spread the love

නිමල් රාජපක්ෂ–

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

නව කොමසාරිස් ජනරාල්වරයා සිය නිල රාජකාරි ආරම්භ කිරිම අද දින (2026.09.01) පෙරවරුවේ, කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණ. නිල රාජකාරි ආරම්භය, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කොළඹ , හුණුපිටිය ගාංගාරාම විහාරාධිපති අතිපුජ්‍ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පුජනිය මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ අභිනව කොමසාරිස් ජනරාල්වරයා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, එහි කොමසාරිස් (සංවර්ධන) විශාකා කුමාරගුරු, කොමසාරිස් (විමර්ෂණ) නිමාලිකා කුමාරි යන මහත්ම, මහත්මිහු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරිහු රැසක් එක්ව සිටියහ.