කැලුම් ලියනගේ
යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2026 මාර්තු මස 04 සිට 07 දක්වා ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන් පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් අනතුරුව, එම දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වූ අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කරනලදි
ඒ අනුව, නාවික හමුදාධිපති ගේ උපදෙස් හා මඟපෙන්වීම මත උතුරු නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය යටතේ මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා ප්‍රධාන පූජක ප්‍රසාදීන් හට මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීම, දේව මංගල්‍ය සඳහා සහභාගිවූ බැතිමතුන් 5350කට අධික පිරිසකට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම්, පානීය ජලය, විදුලි බලය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
