මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය වන, Fits Air ගුවන් සේවයට අයත් 8D 821 ගුවන් යානය අද පස්වරු 01.20 ට කටුනායක ගුවකන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති
කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ,මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් ගෙන සිටි බව වාර්තා වේ.
මේ අතර Air Arabia ගුවන් සේවයට අයත් G-9509 දරණ ගුවන් යානය අද සවස 04.45ට කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා නුවර බලා බලා පිටත්ව ගොස් තිබේ.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 44 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් ගෙන ඇති බව වාර්තා වෙයි.
සීමිත කාලසීමවක් සඳහා මැදපෙරදිග ගුවන් කළාපය විවෘත වන අතර එම කාලසීමාවේදී මෙලෙස ගුවන් යානා මැදපෙරදිග වෙත පියාසර කරන බව වාර්තා වෙයි.
