Spread the love


නිමල් රාජපක්ෂ
අපිට භාර ගන්න සිදු වුණේ කඩා වැටුණු රටක් බව ඔබ සියලු දෙනා දන්නවා. පවතින ක්‍රමවේදයන් අනුව ඉදි කිරීම් කටයුතුවලදී ප්‍රමාදයන් සිදු වෙනවා. වෙසක් කූඩු පහක් ගත්තත් තට්ටු පහක ගොඩනැගිල්ලක් ඉදි කරනු ලැබුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කළ යුතුයි. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල පුරප්පාඩු 6021 ක් පැවතුණා. ඉන් 1024 ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. වත්මන් රජය මහජනතාවගේ බදු මුදල්වලට බරක් වෙන්නේ නැහැ. අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට සියළු පියවර ගන්නා බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අධිකරණ ඇමතිවරයා මේ බව පැවසුවේය රුපියල් මිලියන 202 ක මුදලක් වැය කරමින් අභිනවයෙන් ඉදි කරන ලද පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක්වෙමිනි.
මෙහිදි අදහස් දැක්වු ඇමතිවරයා මේ රජය පවතින තුරු මේ රටේ පුරවැසියන්ට වෘත්තිකයින්ට තම රාජකාරිය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා දෙනවා.
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටයි.
ලෝකයේ දියුණු රටවල්වල ජනතාවගෙන් මිලියනයකට විනිසුරුවරුන් හතළිහක් හෝ හැටක් ඉන්නවා. නමුත් අපේ රටේ මිලියනයකට ඉන්නේ විනිසුරුවරුන් 19 දෙනෙක් පමණයි. නඩු ප්‍රමාදයට මෙම තත්වයන් හේතුන් බවට පත්ව තිබෙනවා. නඩු ප්‍රමාදය අවම කිරීමේ ක්‍රියාවලියේදී විනිසුරුතුමන්ලා විශාල කාර්යභාරයක් සිදු කරනවා.
පසුගිය කාලයේ සිදු වු ආර්ථිකයේ බිඳ වැටීමත් සමඟ සියලු ක්ෂේත්‍රයන් කඩා වැටුණා. නතර වු තිබු සියලු ක්ෂේත්‍රවල කටයුතු අපේ රජය බලයට ඇවිත් නැවත ආරම්භ කරනු ලැබුවා.අධිකරණ කටයුතු වෙනුවෙන් යටිතල පහසුකම් සැපයීම අධිකරණ අමාත්‍යාංශය සිදු කළත් ඒ ඒ පළාත් වෙනුවෙන් අධිකරණ ස්ථාපිත කිරීමේ කාර්ය සිදු කරනු ලබන්නේ අධිකරණ සේවා‌ කොමිසම් සභාවයි.
2022 වසරේදී සුළු හිමිකම් අධිකරණ හඳුන්වාදී තිබුණත් දැනට සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කර ඇත්තේ මාතර සහ මහනුවර පමණයි. ඒ අනුව සුළු හිමිකම් අධිකරණයක් වෙනුවෙන්ද පහසුකම් මෙම අධිකරණ ගොඩනැගිල්ල තුළ ස්ථාපිතයි. 2023 අංක 29 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහයට කළ සංශෝධනය මඟින් පුර්ව නඩු විභාග ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවා. එම පුර්ව නඩු විභාග අධිකරණයක් ස්ථාපිත කිරීමේ පහසුකම්ද මේ ගොඩනැල්ල තුළ පවතින බවද පැවසුවේය.