රටේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්ක ජයගත හැකිවන්නේ ග්රාමීය නිෂ්පාදන ඉහලනැන්වීම තුලින් පමණක් බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසුවා.
ඒ අද (19) දින රත්නපුර, පැල්මඩුල්ල ප්රදේශයේ පැවති ප්රජා ශක්ති, ප්රජා සංවර්ධන සභා සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි.
දිළිඳුකම තුරන් කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයත්, ප්රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලයත් එකව ග්රාම සේවා වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්රජා සංවර්ධන සභා නියෝජනය කරන සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කර ඇත. ඒ අනූව ප්රජා සංවර්ධන සහා නියෝජිතයන්ගේ කාර්යභරය හා වගකීම් පිළිබඳව එහිදී වීඩියෝ දර්ශන හා විශේෂ දේශන මගින් පැමිණ සිටි පිරිස දැනුවත් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ගමේ අස්වැසුම ප්රතිලාභීන් තෝරාගැනීමේදී ප්රජා සංවර්ධන සභා නියෝජිතයන්ට නිරීක්ෂණ මට්ටමින් සහයදීමට ඉදිරියේදී අවස්තාව ලබාදෙන බවයි. තවද 76 වසරක පාලන ක්රමය වෙනස් කරමින් ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නේ සැබෑ සමාජ පරිවර්තණයක් අපේක්ෂාවෙන් බවත් එම ජනතා අභිලාෂය ඉටු කිරීමට සියළුදෙනා කැපවිය යුතු බවත් අවධාරණය කළා. රජය ලබාගත් ආර්ථික ජයග්රහණයන්ගේ ප්රතිලාභ ජනතාවට ගලායාමට වැඩසටහන් සකස්කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
