රණවිරු දින සැමරුම් උස්සවය හේතුවෙන් හෙට (19) පස්වරු 03.00 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
රණවිරු සැමරුම් උස්සවය හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ හේතුවෙන් සවස 03.00 සිට පොල්දූව හංදිය සහ කියැන්හැම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට අතුල්වීමෙ සහ පිටවීමේ මංතීරු වසා තැබීමට නියමිත බව පොලීසිය පවසයි.
එම කාලය තුළ රාජගිරියේ සිට පන්නිපිටිය දෙසට ගමන්කිරීමට නියමිත රථවාහන පොල්දූව හංදියෙන් බත්තරමුල්ල හංදිය දක්වා පැමිණ දකුණට හැරී පාලම් තුන, පැලවත්ත,තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කල හැකිය.
ඇතුල්කෝට්ට මාර්ගය ඔස්සේ පිටකෝට්ට හංදියෙන් වමට හැරී කිඹුලාවල තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකි බව පොලිසිය පවසයි.
මේ අතර පන්නිපිටිය දෙස සිට රාජගිරිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන තලවතුගොඩ ,පැලවත්ත ,පාලම් තුන හංදිය ,බත්තරමුල්ල , පොල්දූව හරහා රාජගිරිය දක්වා ගමන් කල හැකිය.
තලවතුගොඩ ,කිඹුලාවල,පිටකෝට්ට හංදියෙන් ඇතුල්කෝට්ට මාර්ගය ඔස්සේ රාජගිරිය දක්වා ගමන් කිරීමට හැකි බව පොලිසිය පවසයි.
මේ අතර රාජගිරිය දෙස සිට මාලඹේ දක්වා ගමන් කිරීමට නියමිත රථවාහන පොල්දූව හංදිය ,බත්තරමුල්ල ,කොස්වත්ත ,තලාහේන හරහා මාලබේ දක්වා සාමාන්‍ය පරිදි ගමන් කිරීමට හැකිය.
මාලබේ සිට රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිත රථවාහන එම මාර්ගය ඔස්සේ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට හැකි බව පොලිසිය පවසයි.
මේ අතර සැමරුම් උස්සවය අවසන් වූ වහාම වසා දැමුණු මාර්ග විවෘත්ත කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවේය.
