නිමල් රාජපක්ෂ-
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ රුපියල් මිලියන 1,700ක වියදමින් කිරිබත්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් භූගත රැහැන් පද්ධතියක් ඉදිකිරීම සඳහා මෙම වසරේදී වැඩ ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (30) කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ලෙකෝ (LECO) ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිබත්ගොඩ නගරය ආශ්රිත අධිබලැති විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමත්, ඒ සමඟම විදුලි කණු ඉවත් කිරීමටත් හැ….
එමඟින් කොළඹ–නුවර ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමට අවස්ථාව සැලසෙන අතර, නගරය ආශ්රිත මාර්ග තදබදය අවම කිරීමට ද හැකියාව ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, විමධ්‍යගත අයවැය සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන අරමුදල් යටතේ රුපියල් මිලියන 860කට ආසන්න සංවර්ධන ව්‍යාපෘති කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන බව ද ඒ මහතා අවධාරණය කළේය.
