Spread the love

නිමල් රාජපක්ෂ -.
තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් මිලියන 3.5 ක් වටිනා තෙන්ඩු කොල තොගයක් පස්යාල කල්එළිය ප්‍රදේශයේදි පසුගියදා (2026-04-28)දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් තෙන්ඩු කොළ තොගයේ තෙන්ඩු කොල කිලෝ ග්‍රෑම් 525 ක් තිබු බව දිපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නිල් ඒකනායක මහතා මහතා පවසයි.


තෙන්ඩු කොල තොගය බීඩි නිෂ්පාදනය සදහා හොරට මෙරටට ගෙන්වා ඇති බැවින් අදාල බීඩි කර්මාන්ත කරුවාට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට ඇති අතර ඉදිිරියේදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්. එ්. පේමරත්න මහතා වෙත ඉදිරිපත් කොට අදාල බිඩී කර්මාන්ත කරුවාට සමථ ගාස්තු නියම කිීරීමට නියමිතය.


නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම)තිස්ස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී පී.එන් හේමන්ත මහතාගේ අධීක්ෂණය යටතේ , දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක සරත් ජයවීර මහතා සුරාබදු කෝප්‍රල් 663 අතුල, 986 සනත්, 1058 උදාර, 1062 බුද්ධික සහ සුරාබදු රියදුරු දුමින්ද යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.