රුපියල් මිලියන 34කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ (Kush) වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අද (02) පෙරවරු 11.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 403 දරන යානයෙන් මෙරටට පැමිණි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ග්‍රෑම් 3,419ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට රේගු නිලධාරීන් සමත්ව වී ඇත.
රේගු වාර්තා සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් තිස් හතර මිලියන එක්ලක්ෂ අනූදහසක් (රු. 34,190,000) පමණවෙයි.
