නිමල් රාජපක්ෂ
රුපියල් මිලියන 450 ක් වටිනා කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි අති නවීනතම තාක්ෂනයෙන් යුත් MRI යන්ත්‍රයක් කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද අතර එම යන්ත්‍රය අද පස්වරුවේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය හා ස්නායු ශල්‍ය අංශය යන අංශවල ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත්ව සිදුකිරීමේ අරමුණින් මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරිණි.
කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර (Magnetic Resonance Imaging) 03 පසුගිය කාලය තුළ වරින්වර අක්‍රීය තත්ත්වයන්ට පත් වීම හේතුවෙන් රෝගී සත්කාරක සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත් විය.
නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහත්වරුන්ගේ දැඩ් අවධානය මේ සදහා යොමු වූ අතර, ඒ අනුව එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර වරින් වර අක්‍රීය වීම පිළිබඳව කරුණු සොයා බලමින්, ලබාදුන් මඟපෙන්වීම සහ උපදෙස් මත මේවන වන විට කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර 03 ම සක්‍රීයව රෝගී සත්කාර සේවා සඳහා එක් කිරීමට හැකියාව ලැබුණි.
එම යන්ත්‍ර තුනට අමතරව මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් MRI ස්කෑන් යන්ත්‍රය අද දින ස්ථාපිත කෙරිණි.
